Tuesday, April 29, 2014

අද අද ම වීරිය වඩන්න..



අතීතං නාන්වාගමෙය්‍ය, නප්පටිකංඛේ අනාගතං
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං

පච්චුප්පන්නඤ්ච යෝ ධම්මං, තත්ථ තත්ථ විපස්සති
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ‍්‍රෑහයේ

අජ්ජේව කිච්චං ආතප්පං, කෝ ජඤ්ඤා මරණං සුවේ
නහි නෝ සංගරං තේන, මහාසේනේන මච්චුනා..

අතීතය ලූහු නො බඳින්නේ ය.. අනාගතය නොපතන්නේ ය. යමක් අතීත ද එය ප‍්‍රහීණ ය, අනාගතය තව ම නො පැමිණියේ ය.

යම් අයෙක් වර්තමාන වූ ධර්මය ඒ ඒ තැන විදර්ශනා වශයෙන් දකී ද, එයට නො ඇදෙමින්, එයින් නො කිපෙමින් දක්නා වූ ඒ විදර්ශනාව නුවණැති පුද්ගලයා වඩන්නේ ය.

අද අද ම කෙලෙස් තවන වීරිය කළ යුතු ය. මරණය හෙට දැ යි කවරෙක් නම් දනී ද..? මහා සේනා ඇති මරු සමග ගිවිසුමක් නම් නැත්තේ ය.

No comments:

Post a Comment