සමහරු කල්පනා කරන්නෙ නිවන කියන්නෙ යම්කිසි ස්‌ථානයක් කියලා. ඇත්තටම නිවන කියල කියන්නෙ කුමක්‌ද කියන එක බොහෝ දෙනකුට ප්‍රශ්නයක්. නොදන්නාකම නිසා විවිධ වැරදි අර්ථකථන නිවන හෙවත් නිර්වාණය සම්බන්ධයෙන් ලබාදෙනවා.
සමහරු කියන්නේ සිත නිවිල යැම නිවනයි කියලා. ගෙවල්වල ප්‍රශ්න නැතුව ඉන්නව නම් එතන නිවන තියනවා කියලා තවත් සමහරු කියනවා. පාලියෙන් නිවනට කියන්නෙ "නිබ්බාන" කියලා. සංස්‌කෘතියෙන් කියන්නේ "නිර්වාණ" කියලා. "මාපා" කියන්නෙ තෘෂ්ණාවට හෙවත් ආශාවටයි. "නිර්" කියන්නෙ මිදීමටයි. විනිර්මුක්‌ත වීමටයි. එහෙමනම් තෘෂ්ණාවෙන් මිදීමට තමයි නිවන කියල කියන්නෙ.
වෙනස් වචනවලින් කියනව නම් සියලු කෙළෙසුන්ගෙන් නිදහස් වීමයි. නැතිනම් දස සංයෝජන වන සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ඡ, අවිඡ්ජා දුරු කිරීමයි.
ඇත්තෙන්ම නිවන කියන්නේ අවබෝධයක් මිසක් ස්‌ථානයකට යැමක් නොවෙයි. නිවන සාක්‍ෂාත් කළ ආර්ය ශ්‍රාවකයා පහන් දැල්ල නිවී යන්නේ යම්සේද ඒ අයුරින් නිවී යනවා. කාම ලෝකයක රූප ලෝකයක, අරූප ලෝකයක උප්පත්තියක් කරා යන්නේ නෑ. (තිබ්බන්ති ධීරා යථායං පදීපො)
නිවන අවබෝධ කරගන්නේ කොහොමද?
ඒ සඳහා ප්‍රධාන කරුණු හතරක් වැදගත් වෙනවා. ප්‍රධානම එක තමයි කල්‍යාණ මිත්‍ර සේවනය. ඊළඟට සද්ධර්ම ශ්‍රවනය. ඊළඟට යෝනියෝ මනසිකාරය. හතරවැනි එක තමයි ධම්මානුධර්ම ප්‍රතිපදාව. කල්‍යාණ මිත්‍ර සේවනය නිසා කෙනකුට බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙනවා. එතකොට ඒ කෙනාට පුළුවන් ශ්‍රද්ධාව දියුණු කරගන්න. එතකොට ශ්‍රාවකයා ශ්‍රද්ධානුසාරී කෙනෙක් වෙනවා. ඒ වගේම ඒ ශ්‍රාවකයා ශ්‍රද්ධානුසාරී කෙනෙක් වෙනවා. ඒ වගේම ඒ ශ්‍රාවකයා ධර්මය ඉගෙනගෙන ධම්මානුසාරී කෙනෙක් වෙල. මේ ධර්ම මාර්ගය තුළ ඉදිරියට ගමන් කරනවා. එයාට ශ්‍රී සද්ධර්මය ඇහෙනකෙට යෝනියෝ මනසිකාරය ඇතිකරගන්න පුළුවන්. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්න දුක් දේ දුක් වශයෙන් දකින්න. අනාත්ම දේ අනාත්ම වශයෙන් දකින්න පුළුවන් වෙනවා. එතකොට ඒ ශ්‍රාවකයා මේ ධර්මය තමන්ගෙ ජීවිතයට බද්ධ කරගෙන ඒ උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගයේ ගමන් කරනවා. එවිට නිවන සාක්‍ෂාත් කර ගන්න පුළුවන්. පිළිවෙළින් සෝතාපත්ත, සකුදාගාමී, අනාගාමී, අර්හත් තත්ත්වයට පත්වෙන්න පුළුවන්.
මේ ජීවිතයේදීම නිවන අවබෝධ කරන්න පුළුවන්ද?
මේ ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපේ රටේ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයන් අතර තිබෙන හිස් මතයක් තමයි අපිට මේ ජීවිතයේදී නිවන අවබෝධ කරගන්න බෑ කියන එක. ධර්මය පිළිබඳ වන්දනා කරන ගාථාවේ (සාක්‌ඛාතෝ භගවතා ධම්මෝ) දෙවනුවට විස්‌තර කරන්නෙ මේ ධර්මය "සන්දිට්‌ඨික" යි කියලා. ඒ කියන්නෙ මේ ජීවිතයේදීම අවබෝධ කරන්න පුළුවන් කියා. "අකාලික" යි කියන්නෙ ඕනෑම කාලයක එය කරන්න පුළුවන් කියා.
ඒ වගේම "කරණීය මෙත්ත" සූත්‍රයේදී පෙන්වා දෙන්නෙ නිවන සාක්‍ෂාත් කිරීමට කැමැති ශ්‍රාවකයා තුළ ලක්‍ෂණ 15 ක් තිබිය යුතු බවයි. ඒවායින් පළමුවැනි එක තමයි "සක්‌කෝ" කියන්නේ. ඒ කියන්නෙ "මට පුළුවන්" කියන අදහසයි. ශ්‍රී ලංකාවේ බෞද්ධයො ඉන්නෙ "මට බැහැ" කියා ගත්තු ගමන්. පංචකාමයට නම් පැනලා "හා" කියා ගත්ත ගමන්. ඉතින් කල්ප ගණනකින් ලෝකයට පහළ වෙන, සාරා සංෙඛ්‍යය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරලා සොයා ගත්තු ශ්‍රී සද්ධර්මය කියල දෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවේ ප්‍රතිඵල බොහෝ දෙනකුට ලබාගන්න බැරිවෙලා තියෙනවා.
මේක පුදුම අවාසනාවන්ත තත්ත්වයක්. සමහර ලාංකික බෞද්ධයො මෛත්‍රී බුද්ධ ශාසනය පතමින් සම්බුද්ධත්වයට පත් වෙච්ච නැති ඒ උතුමන්ට දැන්මම පහන් දල්වමින්, ගෞතම බුදුරජාණන්වහන්සේට අගෞරව කරමින් සිටිනවා දැකීම අති ශෝචනීයයි. මෛත්‍රී බුදුරජාණන්වහන්සේ මේ ලෝකෙ පහළ වෙන්නෙ මිනිසාගේ ආයුෂ අවුරුදු 10 ට අඩුවෙලා අවුරුදු අසූදාහට (80,000) වැඩි වෙච්ච කාලෙදි. ඒකට තව අවුරුදු කෝටි ගණනක් යන්න පුළුවන්. ඒ වෙනකොට අපි නිරයෙ, තිරිසන් ලෝකෙ, පෙරේත ලෝකෙ හිටියොත් මනුස්‌ස ලෝකෙ බිහිරි කෙනෙක්, මන්දබුද්ධික කෙනෙක් වෙලා ඉපදුණොත් අපිට ඒ බුද්ධ ශාසනයත් අහිමිවෙලා යනවා. ඒ නිසා අපි මේ බුද්ධ ශාසනයෙන් උතුම් නිවන අවබෝධ කරන්න මහන්සි ගන්න ඕනෑ.
මේ ජීවිතයේදී නිවන අවබෝධයට ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ඕනද?
පළමුවෙන්ම බලන්න ඕන ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය කියල විස්‌තර කරගන්නෙ කුමක්‌ද කියලා. යම් කෙනෙක් අලෝභය, අද්වේගය, අමෝහය මුල්වෙලා මේ මනුෂ්‍ය ලෝකෙ උප්පත්තියක් ලබන එක තමයි මේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් කියලා අර්ථවත් කරගෙන තියෙන්නේ. නමුත් මේ කතාව බුදුරජාණන්වහන්සේගෙ ශ්‍රී සද්ධර්මය සමඟ එකඟ වෙන්නෙ නැහැ. සූත්‍ර පිටකයේ 18,000 කට ආසන්න වූ සූත්‍ර එකකවත් මේ ජීවිතයේදී නිවන අවබෝධයට ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ඕන කියලා විස්‌තර කරලා නැහැ. අංගුත්තර නිකායෙ මේඝිය සූත්‍රයේදී ඉතා පැහැදිලිව දක්‌වල තියෙනවා මේ ජීවිතයේදී නිවන අවබෝධයට අවශ්‍ය කරුණු. එහිදී ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් විස්‌තර වෙන්නෙ නැහැ.
මේඝිය සූත්‍රයේ විග්‍රහ වෙන කරුණු මොනවාද?
මේඝිය සූත්‍රයේදී විස්‌තර කරන්නෙ පළවැනි කාරණය හැටියට කල්‍යාණ මිත්‍ර සේවනය. දෙවනුවට සීලයයි. තුන්වනුව දසකතාව අවශ්‍යයි. එනම් අල්පේච්ඡ ජීවිතය ගුන කතාව, ලද දෙයින් සතුටුවීම ගැන කතාව, හුදෙකලා විවේකය ගැන කතාව, පිරිස හා එක් නොවී සිටීම ගැන කතාව, පටන්ගත් වීර්යය ගැන කතාව, සීලය ගැන කතාව, සමාධිය ගැන කතාව, ප්‍රඥව ගැන කතාව, විමුක්‌තිය ගැන කතාව, විමුක්‌ති ඥන දර්ශනය ගැන කතාව යන ඒවායි. ඊළඟ කරුණ තමයි පටන්ගත් වීර්යයෙන් යුක්‌තව කුසල් ප්‍රහාණය කොට කුසල් වඩන්න ඕන.
ඊළඟ කරුණ තමයි ප්‍රඥවෙන් යුක්‌ත වෙන්න ඕනෑ. ඉන් පසුව රාගය ප්‍රහාණය පිණිස අසූහයක්, තරහ නැතිවීම පිණිස මෛත්‍රියත්, විතක්‌ක නැතිකර දැමීමට අනාපානා සතියත්, මම වෙමි යන මානය මුලින්ම නැසීමට අනිත්‍ය පඤ්Æවන් වඩන්න ඕනෑ. අනිත්‍ය සඤ්ඤාව තිබෙන කෙනාට අනාත්ම සඤ්ඤාව පිහිටනව.
අනාත්ම සඤ්ඤාව තිබෙන කෙනාට "මම" වෙමි යන මානය මුලින්ම නැතිවෙලා මේ ජීවිතයේදීම නිවන පසක් වෙන්න පුළුවන්. එතකොට අපිට පැහැදිලි වෙනව ත්‍රිහේතුක ප්‍රතිසන්ධි කතාව බොරු මිත්‍යාවක් බව. ඒ නිසා අපි පංචකාමයට හසු නොවී මාර වසඟයට පත් නොවී උතුම් නිවන සාක්‍ෂාත් කරගන්න කල්පනා කරගන්න ඕනෑ.
පොල්පිටිමූකලානේ පඤ්;ඤාසිරි නාහිමි
සැකසුම - අනුරාධ හිරිපිටියගේ
http://www.divaina.com/
No comments:
Post a Comment