Saturday, May 3, 2014

සංසාරයේ ඇත්ත තත්වය

මේක තමයි සංසාරයේ ඇත්ත තත්වය. එහා පැත්තට ගියාට පස්සේ මේ පැත්තේ තියන නෑදෑ කම්, ජාති කුලමල ආගම් බේද කිසිවක් වලංගු නැත. මේ ඉන්න ටික කාලයට සාදා ගත් බන්ධන නිසා උතුම් බුද්ධෝත්පාද කාලයේ ඔබ ප්‍රමාද වේ නම් ඊට වඩා ලොකු මෝඩකමක් තවත් කොයින්ද?

ඔබ විසින් ධර්මයෙහි හැසිරිය යුත්තේ මේ දිවියේදීම ජරාමරණ සංඛ්‍යාත සියලු දුකින් නිදහස් වීමටයි. ජරාමරණ සංඛ්‍යාත සියලු දුක් ඇත්තේ ලෝකය තුලයි. ලෝකයෙන් මිදී මේ දිවියේදීම ලෝකෝත්තර වීමට අප සැමට හැකියි.

රුඋපයේ ආශ්වාදය, රුපයේ ආදීනව හා රුඋපයෙන් නිදහස් වීම


පින්වත් මහණෙනි, මේ රූපයේ ආශ්වාදය මොකක් ද? පින්වත් මහණෙනි, සිටු කුමාරියක් හෝ බ්රාරහ්මණ කුමාරියක් හෝ සාමාන්ය, පවුලක කුමාරියක් හෝ ඉන්නවා කියලා හිතන්න. ඇය වයස අවුරුදු පහළොවක දහසයක විතර දැරිවියක්. ඈ ගොඩාක් උසත් නෑ. ගොඩාක් මිටිත් නෑ. ගොඩාක් කෙට්ටුත් නෑ. ගොඩාක් මහතත් නෑ. ගොඩාක් කළුත් නෑ. ගොඩාක් සුදුත් නෑ. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම ඒ දැරිවි හැබෑටම ලස්සනයි කියලා කියන්න සුදුසුයි නේද? "එහෙමයි ස්වාමීනි" පින්වත ් මහණෙනි, අන්න ඒ ලස්සන නිසා යම් කිසි සැපයක් සොම්නසක් ඇතිවෙනවා නම් ඒක තමයි රූපයේ ආශ්වාදය.
පින්වත් මහණෙනි, රූපයේ ආදීනවය මොකක් ද? ඒ දැරිවිව පස්සෙ කාලෙක දකින්න ලැබෙනවා අවුරුදු අසූවක් වෙලා, අවුරුදු අනූවක් වෙලා, අවුරුදු සීයක් වෙලා, ජරා ජීර්ණ වෙලා, වකුටු වෙලා , හැරමිටි ගහගෙන වෙව්ල වෙව්ල යනවා. ඇත්තෙන් ම දැන් ඈ ලෙඩෙක්. අර ලස්සන ඉවරයි. දත් කැඩිලා, කෙස් ඉදිලා, කෙස් වැටිලා, ඇඟ රැලි වැටිලා, ඉන්නො වගේ කළු පාට ලප හැදිලා, පින්වත් මහණෙනි, දැන් මොකක් ද හිතන්නේ? ඒ දැරිවිගේ අර පරණ ලස්සන නැතිවෙලා ගිහින් ඇදීනව මතු වුනා නේද? "එහෙමයි ස්වාමීනි" පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවි ම දැක ගන්න ලැබෙනවා මේ විදියට හොඳට ම ලෙඩ වෙලා, දුකට පත් වෙලා. තමන්ගේම මළ මූත්රාහ ගොඩේ වැටිලා. දැන් ඉතින් කවුරු හරි කෙනෙක් නැගිට්ටුවන්න ඕන. කව්රු හරි කෙනෙක් වාඩි කරවන්න ඕන. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ? අර දැරිවිගේ පරණ ලස්සන නැතිවෙලා ගිහින් ඇදීනව මතු වුනා නේද? "එහෙමයි ස්වාමීනි" පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, අර දැරිවි ම මැරිල අමු සොහොනෙ දාල ගිහින් තියනවා. දැන් ඒ මළ සිරුර එක දවසක් හෝ, දවස් දෙකක් හෝ, දවස් තුනක් හෝ කල් ගත වෙච්චි එකක්. ඉදිමිලා, නිල් වෙලා, සැරව හැදිල තියෙනවා. පින්වත් මහණෙනි , දැන් ඔබ මොකක්ද හිතන්නෙ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූප සෝභාව අතුරුදන් වෙලා ආදීනව මතු වුනා නේද? "එහෙමයි ස්වාමීනි" පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.

අති පූජ්‍ය ගෞරවාර්හ පූජ්‍ය පාද අරියඤාණ හිමියන්ගේ ජීවන ගමන

හේතුඵල ධර්මයන්


"පිංවත් ඔබට පෙනෙනවා ශාසනයේ අර්ථයන් බෙහොම වේගයෙන් අතුරුදන් වෙමින් යන ස්‌වභාවය. ධර්මයේ සන්දිට්‌ඨික ගුණය ගැන වර්තමානයේ බොහොම අඩුවෙනුයි කථා කරන්නේ. ධර්මයේ අර්ථය වන චතුරාර්ය සත්‍යය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන "දුක" වෙනුවට "සැප" කියන කාරණය දකින්න කැමැති ප්‍රවණතාවක්‌ සමාජය තුළ තිබෙනවා. මේ ප්‍රවණතාවය වැඩිවෙන්න වැඩිවෙන්න අපි මොකක්‌ද ලෝකය තුළ දකින්නේ? ඒ මිත්‍යාදෘෂ්ඨිකභාවය වැඩිවීම. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව දෘෂ්ඨීන්, මතවාද කරපින්නාගත් බෞද්ධයන්ගේ වැඩිවීම. මේවා කම්පාවිය යුතු දේවල් නොවේ. හේතුඵල ධර්මයන්මය. ධර්මයේ සැබෑ අර්ථයට පිටුපාන සම්බුද්ධ දේශනාවන් වැරදි ආකාරයට අර්ථ දක්‌වන කිසිම ගිහි පැවිදි පිංවතකුට මේ ජීවිතයෙන් පසු ශාසනයේ රැකවරණය උරුමවෙන්නේ නැහැ. මිත්‍යදෘෂ්ඨිකභාවයේ අඳුර රැඳි භව ගින්දරයි උරුම වෙන්නේ. පිංවත් ඔබ ධර්මයේ අර්ථයෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෝකයේ මිත්‍යාදෘෂ්ඨිකභාවය වැඩිවෙනවා. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් යුත් බෞද්ධයන් අඩුවෙනවා. සමහර පිංවතුන් බොහෝම වේදනාවෙන් කථා කරනවා සිංහල බෞද්ධ අම්මලා දරුවන් උපරිම දරුවන් දෙදෙනයි හදන්නේ. මුස්‌ලිම් ද්‍රවිඩ අම්මලා දරුවන් ගොඩක්‌ හදනවා කියලා. මේ හේතුවෙන් බෞද්ධයන් අඩුවීගෙන යනවා කියලා. පිංවත් ඔබ කලබල වෙන්න එපා. මේවා හේතුඵල ධර්මයන්. ඔය සෑම ද්‍රවිඩ, මුස්‌ලිම් අම්මා කෙනෙකුගේම කුසේ උපදින්නේ, මේ උතුම් සද්ධර්මයේ අර්ථයන්ට පිටුපෑ දෘෂ්ඨි, මතවදා නිසා ශාසනය අහිමිකරගත් බෞද්ධයන්මයි. ඉහත කරුණු කාරණා පිංවත් ඔබ ධර්මානුකූලව නොසිතා, දෘෂ්ඨිගතව සිතන්නට ගියොත්, ඒ හේතුවෙන් ද්වේෂය සකස්‌කර ගතහොත් පිංවත් ඔබටද මීළඟ උරුමය එවැනි මව්කුසක්‌ වීමට පුළුවන්."
සම්පූර්ණ ලිපි මාලාව මෙතනින් --> http://bit.ly/19oqRL3

Friday, May 2, 2014

මල් පුජාවේ ආනිශංස...

දෙලොවම දියුණුව ගෙන දෙන කරුණු

නොසංසිඳෙන වෛරය


නොසංසිඳෙන වෛරය

කවුරුන් හෝ කෙනෙක් අඛණ්ඩව ද්වේශයෙන්, කෝපයෙන් කල්පනා කරනවා නම් දැඩි කොටම ඔහුගේ සිතෙහි බැදුණ හොත් නැවත නැවත සිතද්දී එම වෛරය කිසිසේත්ම ඔහුගේ මනසින් පහව යාමක් සිදුවන්නේ නැහැ. එම වෛරයෙහි සන්සිදීමක් සිදුවන්නේ නැහැ. යම් දෙයක්

පිළිබඳව දිගින් දිගටම කල්පනා කිරීම තුළින් තමයි වෛරයක් අප තුළ ගොඩ නැගෙන්නේ. මෙනෙහි කිරීම තුළිනුයි ඔබ සංසාරගත වෛරක්කාරයකු බවට පත් කරන්නේ

වෛරය සන්සිඳුවා ගැනීම දුෂ්කර වන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපගේ මනසට වරින් වර පැන නැඟෙන්නා වූ මනෝභාවයන් පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇතිකර ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතුයි. එම මනෝභාවයන් නිසා අපට සිදුවන හානියත් අපගෙන් සමාජයට සිදුවන හානියත්, අවම කරගැනීමට සහ නැතිකර ගැනීමට අවබෝධයක් තිබිය යුතුයි. ඛුද්ධක නිකායට අයත් ධම්ම පදය තුළ යමක වග්ගයෙහි වෛරය හෙවත් උපදානය පිළිබඳව ඉතාම වටිනා ඉගැන්වීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. යම්කිසි කෙනෙක් බැනීම්, පහරදීම් ,දිනීම් පැහැරගැනීම්, කියන තමන්ට අනෙකාගෙන් සිදුවුණු වැරැදි පිළිබඳව සිත තුළ බැඳගෙන තිබෙනවාද, එනිසාම එම සිත තුළ වෛරය අඛණ්ඩව නොසන්සිඳීම පවතී.

අක්කොච්ජි මං අවධිමං අජිනි මං අහාසි මෙ
යේතං උපනයහන්ති වෙර තෙසං න සම්මති
අක්කොච්ඡි මං අවධීමං අජිනි මං අහාසි මේ
යේතංනං උපනයේන්ති වෙරං තෙසුපසම්මති

ලෝකයෙන් මිදී මේ දිවියේදීම ලෝකෝත්තර වීමට අප සැමට හැකියි.

ධර්මයේ හැසිරීම ම උතුම්ය...

මේ දුකම කියන දහමක්ද...? දුකෙන් මිඳෙන දහමක්ද...?


ධර්මයට අනුව පිංවත් ඔබ නිවැරදිවෙන්න. 
ධර්මය පිංවත් ඔබට නිරතුරුවම කථාකරන්නේ වඩාත් සැපයකට බවට ඔසවා තබන්න. ඒ ශීලය, දානය, ශ්‍රද්ධාව නැමැති සැපයේ උපාදානය ඔස්‌සේ ක්‍රමානුකූලව ඔබව 'පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීම' කියන අවබෝධයට යොමු කිරීම පිණිසයි. සද්ධර්මය කොතැනින් ගත්තත් හේතුඵල ධර්මයන්මයි සකස්‌කර දෙන්නේ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය නැමැති ධර්මතාවයන් ඔබේ ජීවිතය තුළින් අවංකවම ක්‍රියාත්මක කරනකොට එම හේතූන්ගේ ශක්‌තිමත්භාවය විසින්ම පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය ඔබ තුළින් වැඩෙනවා. පිංවත් ඔබ සියල්ලටම පෙර පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය වැඩීමට යන්න එපා. මෙය මාර්ගයක්‌. එහි මුල මැද අග වශයෙන් ක්‍රමාණුකූලව පෙරට යා යුතුයි. ඔබ ඉක්‌මන් වුණොත් ධර්මය කෙරෙහි කලකිරේවී. එසේ නැතහොත් නොයෙක්‌ දෘෂ්ඨී මතවාදවල සිරකරුවෙක්‌ වේවි. ඔබ සැප ලබන්නට කැමැතිනම් මුළින්ම 'සැපය' කියන කාරණය හොඳින් සිහිනුවණින් හඳුනාගන්න. විශේෂයෙන් තරුණ පිංවතුන් පිංවතියන් මොකක්‌ද 'සැපය' කියලා උපාදානය කරගෙන සිටින්නේ. ඔබ ඔය 'සැපය' යෑයි අල්ලාගෙන සිටින්නේ ලෝකයේ සැබෑම සැපය සමග සසඳා බලනකොට ඉතාමත් ප්‍රාථමික සැපයක්‌. ලෝකයේ සත්වයා අත්විඳින සැබෑම සැපය යම්දවසක ඔය ඇස්‌වලින් දැක්‌කොත් ඔබ සිතාවී සැබැවින්ම ඔබ ඇස්‌ ඇති අන්ධයෙක්‌ කියලා. පිංවත් ඔබ උදාහරණයකට මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙන හොඳම රූප සුන්දරිය ගන්නකෝ. රූපවාහීනි කැමරා සිය ගණනකින් ලෝකයාට පෙන්වන ඇයගේ සුරූපී රූපය ගන්නකෝ. පිංවතුනි, දිව්‍ය ලෝකවල ඉන්නේ දෙවියන් දිව්‍යාංගනාවන් විතරක්‌ නෙමෙයි. දිව්‍ය තිරිසන් සතුනුත් ඉන්නවා. දිව්‍යලෝකයේ උපත ලද දිව්‍ය අජානීය අශ්වයන් සිටිනවා. භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දිව්‍ය තලයක දිව්‍ය අජානීය අශ්ව විමානයක්‌ දර්ශනය වෙනවා. දිව්‍ය අජානීය අශ්වයන් හතරදෙනෙක්‌ එහි සිටියා. එම දිව්‍ය අශ්වයකුගේ උස අඩි 7ක්‌ පමණ ඇති. දිව්‍ය අශ්වයාගේ වර්ණය තනිකරම මනුෂ්‍ය ලෝකයේ සිටින මොනරකුගේ වෛවර්ණ පැහැයට සමානයි. කොළ, නිල් පැහැයන්ගෙන් අලංකෘතයි. ඔබ සිතන්න, මොනර පිල් කළඹ විසිපහක්‌ පමණ එකතු කරලා මිටියක්‌ බැන්දා කියලා. අන්න ඒ ප්‍රමාණයේ, හැඩයේ වල්ගයක්‌ දිව්‍ය අශ්වයාට තිබෙනවා. එම වලිගය මුලින් පිට උඩ අතට නෙරලා තමයි පහළට වැටෙන ස්‌වභාවයෙන් තිබෙන්නේ. එය බොහොම ගාම්භීර පෞරුෂයක්‌ තිබෙන වල්ග පිහිටීමක්‌. එම දිව්‍ය අශ්වයාගේ පිට උඩ කොඳු නාරටිය දිගටම අඩියක්‌ පමණ දිග රෝම මොනර පිල් පැහැයට පහතට වැටී තිබෙනවා. මෙම අශ්වයින් ආයුෂ, වර්ණ, සැප බලයෙන් අනූන දිව්‍ය අශ්වයන්. පිංවතුනේ භික්‍ෂුව සමග විරසක වෙන්න එපා¾ පිංවත් ඔබට ධර්ම මාර්ගයේ සැබෑ සැපය ගැන කියන්නයි මෙය සටහන් කරන්නේ. පිංවත් ඔබ සැපැයි කියා අල්ලාගන්නා රූප සුන්දරියගේ රූපශ්‍රීයට වඩා අසිරිමත් සුන්දරත්වයක්‌. ඒ දිව්‍ය අජානීය අශ්වයා තුළත් තිබේ නම්.....

කයනුපස්සනාවේ යෙදෙන්න...

මල් පූජාවේ ආනිශංස...

Thursday, May 1, 2014

මහා භද්‍ර කල්පය ගැන දැන ගනිමු...


තවත් එක් ලස්සන බෞද්ධ කථාවක්

මහත් පිං කොට දිව්‍ය ලෝකයේ ඉපදුනු දිව්‍යාංගනාවක් තවත් දෙවියකු සමගින් කල් යවමින් සිටිය දී එක් දිනක උදයේ එම දිව්‍යාංගනාව ආයු නිම වීමෙන් දෙව් ලොවින් චුත විය. එම දිව්‍ය පුත්‍රයා ඇයව සොයමින් සිටි අතර එම කාලයේ දී එම දිව්‍යාංගනාව මනු ලොව ස්ත්‍රියක් ව ඉපිද දරුවන් කිහිප දෙනෙකු ම හදා වඩා ලොකු මහත් කොට සියලු යුතුකම් ඉෂ්ඨ කොට අපරිමාණ වැඩ කොටසක් කර සැත්තෑ ගණනක ආයු වළදා බොහෝ පිං තිබූහෙයින් පෙර පරිදි ම දිව්‍යාංගනාවක් ව ඉපදුණාය.

එවිට පෙර කී දෙවියා ඇයගෙන් විමසා සිටියේ ,, ඔබ ව මම අද උදේ හෙව්වා. ඔබ කොහෙද සිටියේ?,, කියා ය.

මෙම කථාවෙන් අපට උගත හැක්කේ කුමක් දැ යි ප්‍රඥාවන්ත ඔබට වැටහෙනු ඇත.

මනුලොව ජීවත් වන අපට හිමි ව ඇත්තේ ඉතා ම සීමිත කාලයක් බව මින් වැටහේ. එම කාලයේ දී අප කරන්නේ කුමක් ද? දස අකුසල් කරමින් අපාගාමී වීමේ අකටයුතුකම් ම කරමින් සිටීම දියුණු යයි සම්මත නූතන සමාජයේ දක්නට ලැබෙන දෙයකි.

ඔබ අප ගෙදර බුදුන් වූ, ඉතාම කෙටි මුත් මෙවැනි වටිනා මිනිසත් භවයකට අත දුන් අපගේ දෙමව්පියන්ට සලකන්නේ කෙසේ ද? ගුරුවරු, උපද්‍යායන් වහන්සේලාට අගෞරව කරන්නේ නොසලකා හරින්නේ කෙසේ ද?
මෙම කෙටි කාලය වෙනුවෙන් කරන මෙම වරදවල්වලට කාලසූත්‍රය නම් නරකයේ නිර ආයුෂ අවුරුදු 1,000 ක් දුක් විදිමින් ගත කිරීමට සිදු වේ. (නිරයේ එක් දවසක් යනු = අපගේ අවුරුදු 900,000 කි. එමනිසා අවු. 900,000*30 මාසයකි. මෙය 12න් වැඩි වූ විට නිරයේ එක් අවුරුද්දකි.) නිරි සතුන්ව කෑලි කෑලි බවට පත් කරයි. ආයුෂ ගෙවෙන තෙක් එතන ම නැවත නැවත උපදී.

ඉහත පරිදි ඉතා ම තාවකාලික ව ජනිතව සිටින අප මේ පොළෝ තලයේ භූමි කොටසක් වෙනුවෙන් මිනී මරා ගන්නේ කෙසේ ද?

ධර්මයෙහි හැසිරීමේ සැබෑ අරමුණ...

දුර්ලභ කරුණු සතරක්....



නව වසරේ මාස 4ක් අවසන් වී 5 වන මාසය පැමිණ ඇත. ආයුෂ වේගයෙන් ගෙවී යයි.
මේ දිවියෙදීම මහලුවීම හා මරණයෙන් නිදහස් විය හැකි අති දුර්ලභ අවස්ථාවක් අප සැමට ලැබී ඇත. නැවත මෙවැනි අවස්ථාවක් ලැබීමට තව කල්ප කාලාන්තරයක් ගත විය හැක.

අද අදම මහලුවීම හා මරණයෙන් ද සෙසු දුක් වලින්ද නිදහස් වීමට උත්සහ වන්න. රැකියා, මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල්, දු දරුවන් යන මේ කිසිවකින් ඔබට මහලුවීම හා මරණයෙන් ද සෙසු දුක් වලින්ද නිදහස් විය නොහැක.
බුද්ධිමත් ඔබ වෙනස වටහා ගන්න - http://sudassana.org/

හේතුඵල ධර්ම


පිංවත් ඔබ සැවොම පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක්‌ සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක්‌ ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක්‌ නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව් කරන අයයි පිංකළ යුත්තේ කියලා. මතුපිටින් මේ අදහස්‌ බැලුවහම එකිනෙකට බොහෝම හොඳින් ගැලපෙනවා. නමුත් මෙවැනි දෘෂ්ඨි තුළ සැගවී ඇති සතුරා තමයි මිත්‍යාදෘෂ්ඨිය. පිංවත් ඔබේ ජීවිතය දෙස හොඳින් හැරී බලන්න. යහපත් අම්මා, තාත්තලාට දාව බෞද්ධ පරිසරයක ඉපදිලා ඔබට හතරුකම් කරන දෘෂ්ඨීන් වලට යටවීම තුළින් මේ මනුෂ්‍ය ජීවිතයට ඔබ මොනතරම් සතුරු කමක්‌ද සිදුකර ගන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියලා. සංස්‌කාරයෝ කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස්‌ වෙන්නාවූ කාය, වචී, මනෝ සංස්‌කාර. කයින්, වචනයෙන්, මනසින් සිදුවෙන්නාවු කුසල් සහ අකුසල්. ඒ කියන්නේ පිංවතුන් සිදුකළා වුද සිදුකරගන්නාවූද සියළුම කුසල් සහ අකුසල් සංස්‌කාර විපාකදී අවසන් වන බවයි. අති බහුතරයක්‌ මිත්‍යදෘෂ්ඨික මිනිසුන් ජීවත්වන ලොවක පිංවත් ඔබට මේ අර්ථවත් බෞද්ධයෙක්‌ ලෙස ජීවිතයක්‌ ලැබුණේ කුසල් සංස්‌කාරයන් නිසා. ඇස්‌ අන්ධ, කන් බිහිරි, දිව ගොළු, අංග විකල මිනිසුන්ගෙන් ගහන ලොවක අංග සම්පූර්ණ මනුෂ්‍ය ශරීරයක්‌ ලැබුණේ කුසල් සංස්‌කාරයන් නිසා. විරූපී මිනිසුන් ජීවත් වන ලොවක පිංවත් ඔබට අනුන්ගේ සිත් වසඟ කරන රූපයක්‌ ලැබුණේ, රෝගී මිනිසුන් බහුල ලෝකයක පිංවත් ඔබට නිරෝගී ජීවිතයක්‌ ලැබුණේ අතීත කුසල් සංස්‌කාර නිසා. පිංවත් ඔබට යහපත් සමාජ තත්වයක්‌, යහපත් දෙමාපියන්, ඥාතීන්, බිරිදක්‌, සැමියෙක්‌, දරුවෙක්‌ ලැබුණේ අතීත කුසල් සංස්‌කාර නිසා. පිංවත් ඔබ මගේ කොටගෙන සතුටු වෙන සියල්ල ඔබට අතීතයේ රැස්‌කළාවූ සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයි. මේ ඇස ඔබට ලැබුණේa කුසල් සංස්‌කාරයක්‌ නිසා. දැන් ක්‍රමක්‍රමයෙන් ඔය ඇස ගෙවී යනවා. මේ මුළු ශරීරයේම ස්‌වභාවය එයයි. මේ අංගසම්පූර්ණ ශරීරය ඔබට ලැබුනේ කුසල් සංස්‌කාරයන් නිසා. සංස්‌කාරයන්ගේ ස්‌වභාවය අනිත්‍යයයි. එම නිසා ගිහි පිංවත් ඔබ නැවත නැවත රැස්‌කළ යුතුයි. පිංවත් ඔබට යහපත් බිරිඳක්‌ ලැබිලා තිබෙනවා. ඇය ඔබට බොහෝම කීකරුයි.

Wednesday, April 30, 2014

දානයේ ආනිසංස

සාන්දෘෂ්ටික (මෙලොවම තමා විසින් දැක ගත හැකි) දානානිසංස සතරක් පෙන්වා ඇත,

▶ දායක තෙමේ බොහෝ දෙනාට පි‍්‍රයමනාප කෙනෙක් වේ.
▶ දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.
▶ ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේ. මකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.
▶ යහපත් කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය ලැබේ.

එසේම දානානිසංස සූත‍්‍රයට අනුව,

▶ ගිහි ධර්මයන්ගෙන් නො පිරිහුන කෙනෙක් වන බව දක්වා ඇත. අඛණ්ඩව සිල් ආදී ගුණ, පන්සිල් ආදී ගුණ රකින්නෙකු යන අර්ථය යි.
▶ තව ද මරණින් මතු සුගති ලෝකයක ඉපදීමට ද මෙම දානමය පිංකම හේතුවන බව පෙන්වා දී ඇත.

පිින්වතුනි, තව ද සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සූත‍්‍රයට අනුව මෙසේ ය. සත්පුරුෂ දාන ආනිසංස පහ

බාහිර වස්තු කාරණා අනිච්ච දුක්ඛ අනාත්ම බැලීමෙන්ම අනුශය දුරුවෙනවාද?

රුවන් වැකි

තෙරුවන් සරණ යමු...!

හැකිතරම් දානයේ යෙදෙමු

ලෝකය ශුන්‍යව දකින්න..!



‘‘සුඤ්‌ඤතො ලොකං අවෙක්‌ඛස්‌සු, මොඝරාජ සදා සතො;
අත්‌තානුදිට්‌ඨිං ඌහච්‌ච, එවං මච්‌චුතරො සියා;
එවං ලොකං අවෙක්‌ඛන්‌තං, මච්‌චුරාජා න පස්‌සතී

පින්වත් මෝඝරාජ, සැමකල්හි ම සිහියෙන් යුතු ව, ආත්මදෘෂ්ටිය දුරු කොට ලෝකය ශූන්‍ය ලෙස දකින්න. මේ අයුරින් මාරයා ඉක්මවා යන්නේ ය. මේ අයුරින් ලෝකය දකින තැනැත්තාව මරණයෙහි රජු (මාරයා) නො දකින්නේ ය.

[මෝඝරාජ සූත්‍රය - සුත්ත නිපාතය]

සුන්දරම මරණය





ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක්‌ අනිත්‍ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස්‌ වෙනවා. මොකද ඒ වෙනස්‌ වන දෙයක්‌. මේ වෙනස්‌වීම නොදන්නා කෙනා, ස්‌වභාවයෙන්ම වෙනස්‌ වන දෙයක්‌ වෙනස්‌ නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස්‌ වෙන්නේ. සද්ධර්මයෙන් ඈත්වීම නිසා නිත්‍ය සංඥාවන් තුළින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මයන් ගැනීමෙන් වර්තමාන සමාජය ලෝභය, ද්වේෂය, මෝහය තුළින් ඔද්දල් වෙලයි තියෙන්නේ. විනාශය දැක දැකත්, විනාශය ගැන කථා කරමින්ම, එහි ආදීනව දකිමින්ම විනාශය දෙසටමයි සැවොම ගමන් කරන්නේ. තෘෂ්ණාව, ඔබට ලස්‌සනට පාර පෙන්වනවා තව වේගවත්ව ඉදිරියට යන්න. ද්වේෂය ඔබට ඇති තරම් ආත්මශක්‌තිය ලබාදෙනවා, හිරි ඔතප් හීන කරලා දෙනවා, ඇති වන ඕනෑම බාධකයක්‌ මැඩගෙන ඉදිරියට යන්න. මෝහය ඔබට ආශිර්වාද කරනවා 'මේ මාර්ගයමයි සැප ඇති මාර්ගය' කියලා තව තවත් ඒත්තු ගන්වන්න. දුකේ කළ්‍යාණ මිත්‍රයන් තිදෙනාගේ ඇකයේ උණුසුමට තුරුල් වුණාම දැනෙන ගොරෝසු පහසට ඔබ හරිම කැමතියි. මේ කුණු සැපය විඳිමින්ම ඔබ පන්සල් යනවා. සිල් සමාදන් වෙනවා. දානමානත් දෙනවා. සද්ධර්මයත් ශ්‍රවණය කරනවා. ඒ කියන්නේ මොකද්දෝ බියකුත් තියෙනවා. සැබැවින්ම, ඒ බියත් සකස්‌ කරලා දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහය විසින්මයි. තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්‍ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක්‌ ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්‍ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්‍ෂා කරනවා. මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන සමාජය ගමන් කරන්නේ සද්ධර්මයේ අර්ථයට පරස්‌පර විරෝධී ගමනකයි. මමත්වයේ දැඩිභාවය නැමැති, ඔබ හඳුනා නොගත් කුණු හැව, සකස්‌ වෙන පංච උපාදානස්‌කන්ධයන්ගෙන් වෙලී ඇති නිසා, සැබෑ මාර්ගය වැසී නොමගටමයි පාර පෙන්වන්නේ. වැරදි මාර්ගය ඔස්‌සේම නිවැරදිවීමට යැමේ පුංචි සිද්ධියක්‌ පිංවත් ඔබට මෙහි සටහන් තබනවා.

අසීමිත ගුණැති අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේටද විපාක දුන් අකුසල කර්ම දොළහ





දශබලධාරී බුදුරජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම දොළහක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී පන්සීයක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව එය මෙසේ ය.

1. සුන්දරී පරිබ‍්‍රාජිකාව නො කල්හි විහාරස්ථානයට එන යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගුනා. ඊට හේතුව පෙර මුනලීධුර්තකව සිටිය දී සරභූ නම් පසේබුදු රජුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.

2. පෙර ලොව පහල වූ සබ්බාභිඟු නම් බුදු රජුන් ගේ නන්ද නම් ශ‍්‍රාවකයන් වහන්සේට කාම භෝගියා කියා දොස් නැගීම හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකටත් පෙර කරන ලද කර්මය, බුදුබව ලබා ද බඩදරු අම්මා ගේ වෙස් ගත් චිංචිමානවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් වුණා.

3. පසු කලෙකදී සුන්දරී පරිබ‍්‍රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදුරජුන් ඇයව දූෂණය කොට මරා සඟවන ලද්දේ යැ යි මහත් දෝෂාරෝපණයක් දින හතක් තුල පැවතුණි. දින හතකින් පසු සත්‍ය හෙලි වූ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් සෘෂීන් වහන්සේට බැණ වැදීම බව දත යුතු ය.

4. මහබෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දෙන් පහලට තල්ලූකර ගලක් දමා මරා දැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත්තෙර ගල් පෙරළු බව දත යුතු ය.

5. බෝසතුන් දිනක් කුඩා ළමයෙකුව සිටිය දී පසේබුදු කෙනෙක් දැක ගලකින් ගැසුවා. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ බුදුන් ගේ ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙද වූ බව දත යුතු ය.

6. පෙර බෝසතුන් ඇත් ගොව්වකුව සිටිය දී පසේබුදු කෙනෙක් වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙය වූ නමුත් උන්වහන්සේ සෘද්ධියෙන් වැඩිසේක. නමුදු පහත් සිතින් කල කර්මය නිසා මේ ජීවිතයේ තමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාළාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළා.

Tuesday, April 29, 2014

සංවේගය උපදවන කරුණු

සමාධිය ඇතිකර ගන්නේ කෙසේද?

"ආතාපි"

පණ්ඩිතයන්ම ඇසුරු කරන්න.





 බාලයන් ඔබව තවත් බොහෝ දීර්ඝ කාලයක් සංසාර දුකටම තල්ලු කරති. ජරා මරණ දුකින් මේ දිවියෙදීම මිදීම සඳහා පණ්ඩිතයන්ම ඇසුරු කරන්න.

දුක් කථා

අද අද ම වීරිය වඩන්න..



අතීතං නාන්වාගමෙය්‍ය, නප්පටිකංඛේ අනාගතං
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං

පච්චුප්පන්නඤ්ච යෝ ධම්මං, තත්ථ තත්ථ විපස්සති
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ‍්‍රෑහයේ

අජ්ජේව කිච්චං ආතප්පං, කෝ ජඤ්ඤා මරණං සුවේ
නහි නෝ සංගරං තේන, මහාසේනේන මච්චුනා..

අතීතය ලූහු නො බඳින්නේ ය.. අනාගතය නොපතන්නේ ය. යමක් අතීත ද එය ප‍්‍රහීණ ය, අනාගතය තව ම නො පැමිණියේ ය.

යම් අයෙක් වර්තමාන වූ ධර්මය ඒ ඒ තැන විදර්ශනා වශයෙන් දකී ද, එයට නො ඇදෙමින්, එයින් නො කිපෙමින් දක්නා වූ ඒ විදර්ශනාව නුවණැති පුද්ගලයා වඩන්නේ ය.

අද අද ම කෙලෙස් තවන වීරිය කළ යුතු ය. මරණය හෙට දැ යි කවරෙක් නම් දනී ද..? මහා සේනා ඇති මරු සමග ගිවිසුමක් නම් නැත්තේ ය.

සිත පුහුණු කරන්න


සම්පූර්ණ ලිපි මාලාව මෙතනින්-->>http://bit.ly/19oqRL3

Monday, April 28, 2014

රහතුන් හෙළා දැක රඟ දක්වා ජිවත් වන්නා වූ අඹුසැමි යුවලක ගේ කතාව



පෙර අතීතයේ කාශ්‍යප බුදු රජුන් ගේ රන් චෛත්‍යය කරන කාලයේ බරණැස් නුවරවාසී බොහෝ කුල පුත‍්‍රයෝ චෛත්‍යයේ වැඩ කිරීම සඳහා බොහෝ කෑ යුතු, බුදිය යුතු ආහාරත් ගෙන චෛත්‍යය ස්ථානයට යන අතර මඟදී එක් රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වඩිනවා දැක, එ් පිරිස අතරේ සිටියා වූ එක් කුල දියණියක් තම ස්වාමියාත් සමඟ කතාකොට එ් මහ රහතන් වහන්සේට දානය පූජා කොට ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය අවබෝධ කර ගැනීමට අපිත් භාග්‍යවන්තයෝ වෙත්වායි ප‍්‍රාර්ථනා කළහ. ඒ මොහොතේ මහ රහතන් වහන්සේට මේ දෙදෙනා ගේ ප‍්‍රාර්ථනාව ඉෂ්ඨ වන බව දැක මඳ සිනාවක් පහල විය. එසේ සිනහසීම දුටු අර යුවතිය තම ස්වාමියාට ”ස්වාමීනි අපේ ආර්යන් වහන්සේ නැට්ටුක්කාරයෙක් මෙන් සිනාසෙන්නේ යැ යි” කී අවස්ථාවේ මෙය අනුමත කරමින් තම ස්වාමියාද එහෙම වෙන්න ඇතැයි කියා දෙදෙනාම යන්නට ගිය හ.

මොවුන් දිවි ඇතිතාක් වාසය කොට දෙව්ලොව ඉපිද එයින් චුතව එ් කාන්තාව අප බුදුන් කාලයේ නැට්ටුක්කාර නිවසක ඉපදුණා ය. එම තරුණයාද රජගහ නුවර සිටු ගෙදරක උපන්නේ් ය. මෙසේ කාලයා ගේ ඇවෑමෙන් අර නාට්‍යය රඟ දක්වන්නෝ ද තම දියණිය ද එම නාට්‍ය රංගන දැක්වීමෙහි හුරු පුරුදුකොට තම දියණියත් සමග ගම් නියම්ගම්වල රඟ දක්වමින් රජගහ නුවරට පැමිණ රජු ඇතුළු ජනතාවට නාට්‍ය රංගන (සර්කස්* දක්වන්නට විය. මුලින් කී සිටු පුත‍්‍රයා ද මේ රංගන බලමින් අර නැට්ටුක්කාර තරුණිය උණ ගසක් මත නැගී නොයෙක් ආකාරයේ නැටුම් ගී කීම් ආදිය කරනවා දැක පූර්වේ තිබූ සෙනෙහස නිසාදෝ ඇය කෙරෙහි ආදරයක් ඇතිකර ගත්තේ ය. පසුව තම දෙමව්පියන් ගේ අකමැත්ත පසෙකලා ආයාචනා කරද්දී ම, ඒ තරුණිය කෙරෙහි බැඳිමෙන් එ් රඟ දක්වන්නන් සමඟ ඔවුන් ගේ බඩු බාහිරාදිය උසුලමින් දාසයෙක් මෙන් තරුණිය වෙනුවෙන් මඟට බැස්සේ ය. එසේ නමුත් පේ‍්‍රමය ආදරය කියන දෙය සිතුවිල්ලක් අස්ථීර දෙයක් බව පෙන්වමින් ස්ත‍්‍රීන්ට වසඟ වීමෙන් ඇයලා පිරිමි හෙලා දකින්නේ ය යන පඬි වදන සනාථ කරමින් එදා ඒ තරුණයාට කිසි ශිල්පයක් නොදන්නෙක්, අනුන්ගේ බඩු බාහිරාදිය උසුලන්නෙක් කියමින් අහන්නට ලැබුණු නින්දා බස් නිසා කලකිරුණේ් ය. පසුව ඇය ගේ මානය, ශිල්ප දත් නිසා බව දැන ඇයගේ පියාගෙන් ඒ රංග ශිල්පය ඉගෙන මහජනතාවට ශිල්ප දක්වමින් ගම් නියම්ගම් රාජධානිවල සැරිසරමින් රජගහ නුවරට ද පැමිණියේ ය.

එහිදී මහජනයා මැද රියන් 60ක් උස උණ ගසක් මත නැගී නොයෙක් ආකාරයේ රංගන (සර්කස්) දක්වන මොහොතේ බුදු කරුණා ඇසට අසු වූ සිටු පුතුට පිහිට වීමට බුදුරදුන් මහා සඟ පිරිසද සමඟ එහි වැඩිය හ. එහි වැඩම කොට ජනතාව තමන් වහන්සේ වෙත අවනත කර, එයින් අමනාප වූ රංගන තරුණයා මුගලන් තෙරුන් ලවා උත්සාහවත් කොට සංසාරික අනේක දුක් සාගරයෙන් ගොඩ ගනිමින් ඔහුට දහම් දේශනාකොට වදාළ හ. පෙර පින් ඇති නළුවෙක් වූ උග්ගසේන සිටු කුමාරයා උණගස මත්තෙහි සිටිමින් ම සිව්පිළිසිඹියා සහිත රහත්භාවයට පැමිණ නිවන් අවබෝධ කළේ ය. බලන්න කාරුණික පින්වතුනි, පින්වතියනි එදා මහ රහතන් වහන්සේ නමකට නැට්ටුක්කාරයෙක් කියා ඒ කාන්තාව, රඟ දක්වා ජීවත් වන කුලයක ඉපදුණා ය. එය අනුමත කල පුරුෂයා ද සිටු කුලයක ඉපදුණත් පසුව නැට්ටුවන් සමඟ හැසිරෙන්නට සිදු විය. එදා මහ රහතන් වහන්සේට දන් දී නිවන් ප‍්‍රාර්ථනා කල බැවින් ඒ රඟ දැක්වූ තරුණිය ද පසු කලෙක පැවිදි වී නිවන් අවබෝධ කළා ය.

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

මතු සම්බන්ධයි!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!

පෙර ලිපි : http://goo.gl/GSpvB9

#PathtoNirvana #Karma #Buddhism

අංගීරස වූ බුදුරජුන් දෙසබලන්න!





අංගීරස වූ බුදුරජුන් දෙසබලන්න!

පදුමං යථා කෝකනදං සුගන්ධං
පාතෝ සියා ඵුල්ලමවීතගන්ධං
අංගීරසං පස්ස විරෝචමානං
තපන්තමාදිච්චමිවන්තලික්ඛේ…

පහනොවූ සුවඳින් යුතුව, උදෑසන ම පිපී සුගන්ධය විහිදුවන රතු නෙලුම් මලක් මෙන්, අහසෙහි බබළන සූර්යයා මෙන්, විරාජමානව වැඩ සිටින අංගීරස වූ බුදු රජුන් දෙස බලන්න..!

෴ පඤ්චරාජ සූත‍්‍රය – සංයුත්ත නිකාය

මාර බන්ධනය



යං යංහි ලෝකේ උපාදියන්ති
තේනේව මාරෝ අන්වේති ජන්තුං…

ලෝකයෙහි
යම් යම් දෙයක්
දැඩිව අල්ලාගනිත් ද,
එයින් ම මාරයා මිනිසා පසුපස එයි…

~ භද්‍රාවුධ මාණව පුච්ඡා – සුත්ත නිපාතය

සක්මන් භාවනාවේ අනුසස්..

'මම'

ඒ දහම සදාතනිකයි

උපන්දාම ගගේ පාකර යවූ කිරි කැටි බිළිදෙකු ගේ අභිමානවත් කතාව