Wednesday, April 30, 2014
ලෝකය ශුන්යව දකින්න..!
‘‘සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු, මොඝරාජ සදා සතො;
අත්තානුදිට්ඨිං ඌහච්ච, එවං මච්චුතරො සියා;
එවං ලොකං අවෙක්ඛන්තං, මච්චුරාජා න පස්සතී
පින්වත් මෝඝරාජ, සැමකල්හි ම සිහියෙන් යුතු ව, ආත්මදෘෂ්ටිය දුරු කොට ලෝකය ශූන්ය ලෙස දකින්න. මේ අයුරින් මාරයා ඉක්මවා යන්නේ ය. මේ අයුරින් ලෝකය දකින තැනැත්තාව මරණයෙහි රජු (මාරයා) නො දකින්නේ ය.
[මෝඝරාජ සූත්රය - සුත්ත නිපාතය]
සුන්දරම මරණය
ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්යයට. යමක් අනිත්ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස් වෙනවා. මොකද ඒ වෙනස් වන දෙයක්. මේ වෙනස්වීම නොදන්නා කෙනා, ස්වභාවයෙන්ම වෙනස් වන දෙයක් වෙනස් නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස් වෙන්නේ. සද්ධර්මයෙන් ඈත්වීම නිසා නිත්ය සංඥාවන් තුළින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මයන් ගැනීමෙන් වර්තමාන සමාජය ලෝභය, ද්වේෂය, මෝහය තුළින් ඔද්දල් වෙලයි තියෙන්නේ. විනාශය දැක දැකත්, විනාශය ගැන කථා කරමින්ම, එහි ආදීනව දකිමින්ම විනාශය දෙසටමයි සැවොම ගමන් කරන්නේ. තෘෂ්ණාව, ඔබට ලස්සනට පාර පෙන්වනවා තව වේගවත්ව ඉදිරියට යන්න. ද්වේෂය ඔබට ඇති තරම් ආත්මශක්තිය ලබාදෙනවා, හිරි ඔතප් හීන කරලා දෙනවා, ඇති වන ඕනෑම බාධකයක් මැඩගෙන ඉදිරියට යන්න. මෝහය ඔබට ආශිර්වාද කරනවා 'මේ මාර්ගයමයි සැප ඇති මාර්ගය' කියලා තව තවත් ඒත්තු ගන්වන්න. දුකේ කළ්යාණ මිත්රයන් තිදෙනාගේ ඇකයේ උණුසුමට තුරුල් වුණාම දැනෙන ගොරෝසු පහසට ඔබ හරිම කැමතියි. මේ කුණු සැපය විඳිමින්ම ඔබ පන්සල් යනවා. සිල් සමාදන් වෙනවා. දානමානත් දෙනවා. සද්ධර්මයත් ශ්රවණය කරනවා. ඒ කියන්නේ මොකද්දෝ බියකුත් තියෙනවා. සැබැවින්ම, ඒ බියත් සකස් කරලා දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහය විසින්මයි. තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක් ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්ෂා කරනවා. මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන සමාජය ගමන් කරන්නේ සද්ධර්මයේ අර්ථයට පරස්පර විරෝධී ගමනකයි. මමත්වයේ දැඩිභාවය නැමැති, ඔබ හඳුනා නොගත් කුණු හැව, සකස් වෙන පංච උපාදානස්කන්ධයන්ගෙන් වෙලී ඇති නිසා, සැබෑ මාර්ගය වැසී නොමගටමයි පාර පෙන්වන්නේ. වැරදි මාර්ගය ඔස්සේම නිවැරදිවීමට යැමේ පුංචි සිද්ධියක් පිංවත් ඔබට මෙහි සටහන් තබනවා.
අසීමිත ගුණැති අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේටද විපාක දුන් අකුසල කර්ම දොළහ
දශබලධාරී බුදුරජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම දොළහක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී පන්සීයක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව එය මෙසේ ය.
1. සුන්දරී පරිබ්රාජිකාව නො කල්හි විහාරස්ථානයට එන යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගුනා. ඊට හේතුව පෙර මුනලීධුර්තකව සිටිය දී සරභූ නම් පසේබුදු රජුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.
2. පෙර ලොව පහල වූ සබ්බාභිඟු නම් බුදු රජුන් ගේ නන්ද නම් ශ්රාවකයන් වහන්සේට කාම භෝගියා කියා දොස් නැගීම හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛ්ය කල්ප ලක්ෂයකටත් පෙර කරන ලද කර්මය, බුදුබව ලබා ද බඩදරු අම්මා ගේ වෙස් ගත් චිංචිමානවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් වුණා.
3. පසු කලෙකදී සුන්දරී පරිබ්රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදුරජුන් ඇයව දූෂණය කොට මරා සඟවන ලද්දේ යැ යි මහත් දෝෂාරෝපණයක් දින හතක් තුල පැවතුණි. දින හතකින් පසු සත්ය හෙලි වූ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් සෘෂීන් වහන්සේට බැණ වැදීම බව දත යුතු ය.
4. මහබෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දෙන් පහලට තල්ලූකර ගලක් දමා මරා දැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත්තෙර ගල් පෙරළු බව දත යුතු ය.
5. බෝසතුන් දිනක් කුඩා ළමයෙකුව සිටිය දී පසේබුදු කෙනෙක් දැක ගලකින් ගැසුවා. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ බුදුන් ගේ ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙද වූ බව දත යුතු ය.
6. පෙර බෝසතුන් ඇත් ගොව්වකුව සිටිය දී පසේබුදු කෙනෙක් වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙය වූ නමුත් උන්වහන්සේ සෘද්ධියෙන් වැඩිසේක. නමුදු පහත් සිතින් කල කර්මය නිසා මේ ජීවිතයේ තමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාළාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළා.
Tuesday, April 29, 2014
පණ්ඩිතයන්ම ඇසුරු කරන්න.
බාලයන් ඔබව තවත් බොහෝ දීර්ඝ කාලයක් සංසාර දුකටම තල්ලු කරති. ජරා මරණ දුකින් මේ දිවියෙදීම මිදීම සඳහා පණ්ඩිතයන්ම ඇසුරු කරන්න.
අද අද ම වීරිය වඩන්න..
අතීතං නාන්වාගමෙය්ය, නප්පටිකංඛේ අනාගතං
යදතීතං පහීනං තං, අප්පත්තඤ්ච අනාගතං
පච්චුප්පන්නඤ්ච යෝ ධම්මං, තත්ථ තත්ථ විපස්සති
අසංහීරං අසංකුප්පං, තං විද්වා මනුබ්රෑහයේ
අජ්ජේව කිච්චං ආතප්පං, කෝ ජඤ්ඤා මරණං සුවේ
නහි නෝ සංගරං තේන, මහාසේනේන මච්චුනා..
අතීතය ලූහු නො බඳින්නේ ය.. අනාගතය නොපතන්නේ ය. යමක් අතීත ද එය ප්රහීණ ය, අනාගතය තව ම නො පැමිණියේ ය.
යම් අයෙක් වර්තමාන වූ ධර්මය ඒ ඒ තැන විදර්ශනා වශයෙන් දකී ද, එයට නො ඇදෙමින්, එයින් නො කිපෙමින් දක්නා වූ ඒ විදර්ශනාව නුවණැති පුද්ගලයා වඩන්නේ ය.
අද අද ම කෙලෙස් තවන වීරිය කළ යුතු ය. මරණය හෙට දැ යි කවරෙක් නම් දනී ද..? මහා සේනා ඇති මරු සමග ගිවිසුමක් නම් නැත්තේ ය.
Monday, April 28, 2014
රහතුන් හෙළා දැක රඟ දක්වා ජිවත් වන්නා වූ අඹුසැමි යුවලක ගේ කතාව
පෙර අතීතයේ කාශ්යප බුදු රජුන් ගේ රන් චෛත්යය කරන කාලයේ බරණැස් නුවරවාසී බොහෝ කුල පුත්රයෝ චෛත්යයේ වැඩ කිරීම සඳහා බොහෝ කෑ යුතු, බුදිය යුතු ආහාරත් ගෙන චෛත්යය ස්ථානයට යන අතර මඟදී එක් රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වඩිනවා දැක, එ් පිරිස අතරේ සිටියා වූ එක් කුල දියණියක් තම ස්වාමියාත් සමඟ කතාකොට එ් මහ රහතන් වහන්සේට දානය පූජා කොට ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය අවබෝධ කර ගැනීමට අපිත් භාග්යවන්තයෝ වෙත්වායි ප්රාර්ථනා කළහ. ඒ මොහොතේ මහ රහතන් වහන්සේට මේ දෙදෙනා ගේ ප්රාර්ථනාව ඉෂ්ඨ වන බව දැක මඳ සිනාවක් පහල විය. එසේ සිනහසීම දුටු අර යුවතිය තම ස්වාමියාට ”ස්වාමීනි අපේ ආර්යන් වහන්සේ නැට්ටුක්කාරයෙක් මෙන් සිනාසෙන්නේ යැ යි” කී අවස්ථාවේ මෙය අනුමත කරමින් තම ස්වාමියාද එහෙම වෙන්න ඇතැයි කියා දෙදෙනාම යන්නට ගිය හ.
මොවුන් දිවි ඇතිතාක් වාසය කොට දෙව්ලොව ඉපිද එයින් චුතව එ් කාන්තාව අප බුදුන් කාලයේ නැට්ටුක්කාර නිවසක ඉපදුණා ය. එම තරුණයාද රජගහ නුවර සිටු ගෙදරක උපන්නේ් ය. මෙසේ කාලයා ගේ ඇවෑමෙන් අර නාට්යය රඟ දක්වන්නෝ ද තම දියණිය ද එම නාට්ය රංගන දැක්වීමෙහි හුරු පුරුදුකොට තම දියණියත් සමග ගම් නියම්ගම්වල රඟ දක්වමින් රජගහ නුවරට පැමිණ රජු ඇතුළු ජනතාවට නාට්ය රංගන (සර්කස්* දක්වන්නට විය. මුලින් කී සිටු පුත්රයා ද මේ රංගන බලමින් අර නැට්ටුක්කාර තරුණිය උණ ගසක් මත නැගී නොයෙක් ආකාරයේ නැටුම් ගී කීම් ආදිය කරනවා දැක පූර්වේ තිබූ සෙනෙහස නිසාදෝ ඇය කෙරෙහි ආදරයක් ඇතිකර ගත්තේ ය. පසුව තම දෙමව්පියන් ගේ අකමැත්ත පසෙකලා ආයාචනා කරද්දී ම, ඒ තරුණිය කෙරෙහි බැඳිමෙන් එ් රඟ දක්වන්නන් සමඟ ඔවුන් ගේ බඩු බාහිරාදිය උසුලමින් දාසයෙක් මෙන් තරුණිය වෙනුවෙන් මඟට බැස්සේ ය. එසේ නමුත් පේ්රමය ආදරය කියන දෙය සිතුවිල්ලක් අස්ථීර දෙයක් බව පෙන්වමින් ස්ත්රීන්ට වසඟ වීමෙන් ඇයලා පිරිමි හෙලා දකින්නේ ය යන පඬි වදන සනාථ කරමින් එදා ඒ තරුණයාට කිසි ශිල්පයක් නොදන්නෙක්, අනුන්ගේ බඩු බාහිරාදිය උසුලන්නෙක් කියමින් අහන්නට ලැබුණු නින්දා බස් නිසා කලකිරුණේ් ය. පසුව ඇය ගේ මානය, ශිල්ප දත් නිසා බව දැන ඇයගේ පියාගෙන් ඒ රංග ශිල්පය ඉගෙන මහජනතාවට ශිල්ප දක්වමින් ගම් නියම්ගම් රාජධානිවල සැරිසරමින් රජගහ නුවරට ද පැමිණියේ ය.
එහිදී මහජනයා මැද රියන් 60ක් උස උණ ගසක් මත නැගී නොයෙක් ආකාරයේ රංගන (සර්කස්) දක්වන මොහොතේ බුදු කරුණා ඇසට අසු වූ සිටු පුතුට පිහිට වීමට බුදුරදුන් මහා සඟ පිරිසද සමඟ එහි වැඩිය හ. එහි වැඩම කොට ජනතාව තමන් වහන්සේ වෙත අවනත කර, එයින් අමනාප වූ රංගන තරුණයා මුගලන් තෙරුන් ලවා උත්සාහවත් කොට සංසාරික අනේක දුක් සාගරයෙන් ගොඩ ගනිමින් ඔහුට දහම් දේශනාකොට වදාළ හ. පෙර පින් ඇති නළුවෙක් වූ උග්ගසේන සිටු කුමාරයා උණගස මත්තෙහි සිටිමින් ම සිව්පිළිසිඹියා සහිත රහත්භාවයට පැමිණ නිවන් අවබෝධ කළේ ය. බලන්න කාරුණික පින්වතුනි, පින්වතියනි එදා මහ රහතන් වහන්සේ නමකට නැට්ටුක්කාරයෙක් කියා ඒ කාන්තාව, රඟ දක්වා ජීවත් වන කුලයක ඉපදුණා ය. එය අනුමත කල පුරුෂයා ද සිටු කුලයක ඉපදුණත් පසුව නැට්ටුවන් සමඟ හැසිරෙන්නට සිදු විය. එදා මහ රහතන් වහන්සේට දන් දී නිවන් ප්රාර්ථනා කල බැවින් ඒ රඟ දැක්වූ තරුණිය ද පසු කලෙක පැවිදි වී නිවන් අවබෝධ කළා ය.
වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප්රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!
මතු සම්බන්ධයි!
සියළු දානයන් අතර ධර්ම දානයම අග්ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි!
පෙර ලිපි : http://goo.gl/GSpvB9
#PathtoNirvana #Karma #Buddhism

අංගීරස වූ බුදුරජුන් දෙසබලන්න!
අංගීරස වූ බුදුරජුන් දෙසබලන්න!
පදුමං යථා කෝකනදං සුගන්ධං
පාතෝ සියා ඵුල්ලමවීතගන්ධං
අංගීරසං පස්ස විරෝචමානං
තපන්තමාදිච්චමිවන්තලික්ඛේ…
පහනොවූ සුවඳින් යුතුව, උදෑසන ම පිපී සුගන්ධය විහිදුවන රතු නෙලුම් මලක් මෙන්, අහසෙහි බබළන සූර්යයා මෙන්, විරාජමානව වැඩ සිටින අංගීරස වූ බුදු රජුන් දෙස බලන්න..!
෴ පඤ්චරාජ සූත්රය – සංයුත්ත නිකාය
මාර බන්ධනය
යං යංහි ලෝකේ උපාදියන්ති
තේනේව මාරෝ අන්වේති ජන්තුං…
ලෝකයෙහි
යම් යම් දෙයක්
දැඩිව අල්ලාගනිත් ද,
එයින් ම මාරයා මිනිසා පසුපස එයි…
~ භද්රාවුධ මාණව පුච්ඡා – සුත්ත නිපාතය
Sunday, April 27, 2014
Subscribe to:
Posts (Atom)

.png)