Tuesday, May 6, 2014

රහතන් වහන්සේලා වෙනුවෙන් බෝසතාණන් විසින් මනසින් කල ආරාම පුජාව


බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වෙනුවෙන් බොසතාණන් වහන්සේ විසින් මනසින් කල ආරාම පුජාව.

බෝසතාණන් වහන්සේ අනුව යමින් අප සැමටත් සිතින්ම කරගත හැකි ඉතා උසස් පුණ්‍යකර්මයකි. දිනපතාම මල් පහන් පුජා කරන විට මේ ගැන සිහි කරමු.

හැකිතාක් share කර ධර්ම දානයේ යෙදෙන්න.

සම්පුර්ණ වැඩසටහන සඳහා -> http://goo.gl/XMCcIT

ඔබ විසින් ම කෙලෙස් තවන වීරිය කළ යුතු ය



තුම්‌හේහි කිච්‌චං ආතප්‌පං, අක්‌ඛාතාරෝ තථාගතා;
පටිපන්‌නා පමොක්‌ඛන්‌ති, ඣායිනෝ මාරබන්‌ධනා..

ඔබ විසින් ම කෙලෙස් තවන වීරිය කළ යුතු ය.
තථාගතයන් වහන්සේලා සිදු කරන්නේ මාර්ගය පෙන්වා දීම පමණි.
මේ ආර්ය මාර්ගයට පැමිණ ධ්‍යාන වඩන උතුමෝ මාර බන්ධයෙන් මිදෙත්..!

ධම්මපදය..

දරුවන් ව කුඩා කල සිටම දහමට යොමු කරන්න



කුඩා කළ සිට ම ඔබේ දරුවන් ව දන් පැන් දීමට, සිල් රැකීමට, අන් අයට උදව් කිරීමට, බණ භාවනා කිරීමට සේම තෙරුවන් වන්දනාවට ද යොමු කළ හැකි නම් එය කෙතරම් අගනේ ද..? සිය දරුවන් හට භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දායාදය ලබා දීම, උතුම්ම දායාදය ලබා දීම යි..!

පසුතැවිලි නොවන්නට


පසුවට පසුතැවිලි නොවන්නට අද අදම මේ උතුම් බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න.
බුද්ධිමත් පින්වත් ඔබ සඳහාම ඒ සඳහා උපකාරයක් -> http://sudassana.org/

Monday, May 5, 2014

ධර්මයේ සන්දිට්‌ඨික ගුණය

"ඔබට සැප ලබාදෙන කුසල් සංස්‌කාරයන් මෙන්ම දුක ලබාදෙන අකුසල් සංස්‌කාරයන්ද විපාක දී අවසන් වෙනවා. ඔබ මේ ජීවිතයේදී සැප ලබනවාය කියන්නේ ඔබම රැස්‌කරපු දෙය ගෙවෙනවාය කියන කාරණයයි. එම සැප ලබන්න ලබන්න ඒවා (කුසල් සංස්‌කාරයන්) ක්‍ෂයවී යනවා. ක්‍ෂය වන දෙය ඔබ නැවත නැවත රැස්‌කළ යුතුයි. එසේ නැතිවුවහොත් නැවත ලබන ජීවිතයේදී ඔබ හීන, දීන භාවයට පත්වෙනවා. එබැවින් "අපි පව් කරන්නේ නැති නිසා පිං කරන්න අවශ්‍ය නැහැ" ය කියන මුසාවාදය, මිත්‍යාදෘෂ්ඨිය ගැන පිංවත් ඔබ පරෙස්‌සම් වන්න. නැවත නැවත පිංකම් සිදුකරමින් ගෙවී යන කුසල් සංස්‌කාරයන් තව තව වඩවා ගන්න. පිංවත් ඔබ අත්විඳින්නා වූ අකුසල් සංස්‌කාරයන්ගේ විපාකයන්ද, දුකද නැවත නැවත පිංකම් සිදුකරමින් රැස්‌කරන්නාවූ කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තියෙන් යටපත් කර නැගී සිටින්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මොහොතේ පිංවත් ඔබගේ දෑසින් කඳුලක්‌ ගලනවා නම්, ඒ ඔබ පෙර ජීවිතයේදී අනුන්ගේ ජීවිතයකට කඳුලක්‌ දුන් නිසාමයි කියලා. ඔබ මේ මොහොතේදී සතුටින් සිනාසෙන්නේ නම් ඒ පෙර ජීවිතයේදී ඔබ අනුන්ට සතුටක්‌ දුන් නිසාමයි කියලා. එසේ නම් පිංවත් ඔබගේ සිනහවටත් කඳුලටත් හේතුව ඔබගේ අතීත සංස්‌කාරයෙන්ගේ ඵලයයි. මෙසේ විවේකීව, හේතුඵල ධර්මයන්ට අනුව ජීවිතය දකින්න. මේ දැකීම ඔබට අත්‍යවශ්‍යයි, ධර්මය කෙරෙහි අචල සද්ධාව සකස්‌කර ගන්න. මේ ධර්මතාවයන් ගැන විශ්වාසයක්‌ නැති මනුෂ්‍යයා නැවත මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබූවත් මිත්‍යදෘෂ්ඨික භාවයට පත්වෙනවා. ඊට අමතරව කර්මය කර්මඵල ගැන විශ්වාසයක්‌ නැති නිසා, දානය කෙරෙහි ඇති උදාසීනභාවය නිසා දුප්පත්වෙලයි උපත ලබන්නේ. මෙහෙම උපතක්‌ සකස්‌කරගත් මනුෂ්‍යයෙක්‌ ගැනයි පහත සටහන.

අනුන්ගේ දොස් සෙවීමෙන් හා තලාපෙලා කතා කිරීමෙන් වළකිමු.


මල් පුජාවේ ආනිසංස




 
 
තිකණිකාර පුප්ථිය හිමි සුමේධ බුදු රජාණන් වහන්සේට කිණිහිරියා මල් තුනක් පැහැදුන සිිතින් නුවණ යොදා පූජා කල පිනෙන් තුන්සිය වතාවක් සක්විති රජවිය. පන්සිය වතාවක් සක් දෙව් තනතුර ද හැම ජීවිතයකදී ම පහත සදහන් විපාක ද ලැබුණා හ.

▶ මහත් භෝග සම්පත් ඇත්තෙකු වුණා.
▶ පහත් කුලවල නො ඉපිද උසස් කුලවල ම ඉපදුනා.
▶ කැමති කැමති යාන වාහන ලැබුණා.
▶ බොහෝ රූමත් ස්තී‍්‍රන් හා දැසි දස්සන් ලැබුණා.
▶ බොහෝ අගනා වස්ත‍්‍රාභරණයන්ට ලාභී වුණා.
▶ සෑම කල් හි අන් අය ගේ ගෞරවයට පාත‍්‍ර වුණා.
▶ උසස් කීර්තියක් ඇත්තෙක් වුණා.
▶ සෑම කල් හි බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුණා.
▶ තම පිරිස කිසිවෙකුට භේද කළ නො හැකි වුණා.
▶ ඥාතීන් අතර උසස් (උතුම්) ශ්‍රේෂ්ඨයෙකු වුණා.
▶ ශීත උෂ්ණ වලින් පීඩාවක් නො වුණි.
▶ කායික හා මානසික දාහ නැති උතුමෙක් වුණා.

අවසානයේ නිවන් සුව අවබෝධයට ද ඒ උතුම් පින උපනිශ‍්‍රය වුණා.

Sunday, May 4, 2014

පටිච්චසමුප්පාදය හා ලෝක නිරෝධය Mankadawala Sudassana Thero 2011-09-11

පටිච්චසමුප්පාදය තුලින් ලෝක නිරෝධය (නිවන) දකින්නේ කෙසේද? 

අපාය, දිව්‍යලෝක, මෙලොව, පරලොව, ආත්මය ආදී සංකල්ප වල සත්‍යය වටහා ගන්න. අර්ථය වටහා ගැනීමෙන් ධර්මය ගැන නොසෙල්වෙන පැහැදීමක් ඇති කරගත හැකි මේ ධර්ම මාණික්‍යයට සවන් දෙන්න.

අද ඉරිදා දිනය පින්වත් එකක් කරගන්න. ඔබ සැමට ධර්මාවබෝධය ලැබේවා!

Saturday, May 3, 2014

සංසාරයේ ඇත්ත තත්වය

මේක තමයි සංසාරයේ ඇත්ත තත්වය. එහා පැත්තට ගියාට පස්සේ මේ පැත්තේ තියන නෑදෑ කම්, ජාති කුලමල ආගම් බේද කිසිවක් වලංගු නැත. මේ ඉන්න ටික කාලයට සාදා ගත් බන්ධන නිසා උතුම් බුද්ධෝත්පාද කාලයේ ඔබ ප්‍රමාද වේ නම් ඊට වඩා ලොකු මෝඩකමක් තවත් කොයින්ද?

ඔබ විසින් ධර්මයෙහි හැසිරිය යුත්තේ මේ දිවියේදීම ජරාමරණ සංඛ්‍යාත සියලු දුකින් නිදහස් වීමටයි. ජරාමරණ සංඛ්‍යාත සියලු දුක් ඇත්තේ ලෝකය තුලයි. ලෝකයෙන් මිදී මේ දිවියේදීම ලෝකෝත්තර වීමට අප සැමට හැකියි.

රුඋපයේ ආශ්වාදය, රුපයේ ආදීනව හා රුඋපයෙන් නිදහස් වීම


පින්වත් මහණෙනි, මේ රූපයේ ආශ්වාදය මොකක් ද? පින්වත් මහණෙනි, සිටු කුමාරියක් හෝ බ්රාරහ්මණ කුමාරියක් හෝ සාමාන්ය, පවුලක කුමාරියක් හෝ ඉන්නවා කියලා හිතන්න. ඇය වයස අවුරුදු පහළොවක දහසයක විතර දැරිවියක්. ඈ ගොඩාක් උසත් නෑ. ගොඩාක් මිටිත් නෑ. ගොඩාක් කෙට්ටුත් නෑ. ගොඩාක් මහතත් නෑ. ගොඩාක් කළුත් නෑ. ගොඩාක් සුදුත් නෑ. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම ඒ දැරිවි හැබෑටම ලස්සනයි කියලා කියන්න සුදුසුයි නේද? "එහෙමයි ස්වාමීනි" පින්වත ් මහණෙනි, අන්න ඒ ලස්සන නිසා යම් කිසි සැපයක් සොම්නසක් ඇතිවෙනවා නම් ඒක තමයි රූපයේ ආශ්වාදය.
පින්වත් මහණෙනි, රූපයේ ආදීනවය මොකක් ද? ඒ දැරිවිව පස්සෙ කාලෙක දකින්න ලැබෙනවා අවුරුදු අසූවක් වෙලා, අවුරුදු අනූවක් වෙලා, අවුරුදු සීයක් වෙලා, ජරා ජීර්ණ වෙලා, වකුටු වෙලා , හැරමිටි ගහගෙන වෙව්ල වෙව්ල යනවා. ඇත්තෙන් ම දැන් ඈ ලෙඩෙක්. අර ලස්සන ඉවරයි. දත් කැඩිලා, කෙස් ඉදිලා, කෙස් වැටිලා, ඇඟ රැලි වැටිලා, ඉන්නො වගේ කළු පාට ලප හැදිලා, පින්වත් මහණෙනි, දැන් මොකක් ද හිතන්නේ? ඒ දැරිවිගේ අර පරණ ලස්සන නැතිවෙලා ගිහින් ඇදීනව මතු වුනා නේද? "එහෙමයි ස්වාමීනි" පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවි ම දැක ගන්න ලැබෙනවා මේ විදියට හොඳට ම ලෙඩ වෙලා, දුකට පත් වෙලා. තමන්ගේම මළ මූත්රාහ ගොඩේ වැටිලා. දැන් ඉතින් කවුරු හරි කෙනෙක් නැගිට්ටුවන්න ඕන. කව්රු හරි කෙනෙක් වාඩි කරවන්න ඕන. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ? අර දැරිවිගේ පරණ ලස්සන නැතිවෙලා ගිහින් ඇදීනව මතු වුනා නේද? "එහෙමයි ස්වාමීනි" පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, අර දැරිවි ම මැරිල අමු සොහොනෙ දාල ගිහින් තියනවා. දැන් ඒ මළ සිරුර එක දවසක් හෝ, දවස් දෙකක් හෝ, දවස් තුනක් හෝ කල් ගත වෙච්චි එකක්. ඉදිමිලා, නිල් වෙලා, සැරව හැදිල තියෙනවා. පින්වත් මහණෙනි , දැන් ඔබ මොකක්ද හිතන්නෙ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූප සෝභාව අතුරුදන් වෙලා ආදීනව මතු වුනා නේද? "එහෙමයි ස්වාමීනි" පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.

අති පූජ්‍ය ගෞරවාර්හ පූජ්‍ය පාද අරියඤාණ හිමියන්ගේ ජීවන ගමන

හේතුඵල ධර්මයන්


"පිංවත් ඔබට පෙනෙනවා ශාසනයේ අර්ථයන් බෙහොම වේගයෙන් අතුරුදන් වෙමින් යන ස්‌වභාවය. ධර්මයේ සන්දිට්‌ඨික ගුණය ගැන වර්තමානයේ බොහොම අඩුවෙනුයි කථා කරන්නේ. ධර්මයේ අර්ථය වන චතුරාර්ය සත්‍යය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන "දුක" වෙනුවට "සැප" කියන කාරණය දකින්න කැමැති ප්‍රවණතාවක්‌ සමාජය තුළ තිබෙනවා. මේ ප්‍රවණතාවය වැඩිවෙන්න වැඩිවෙන්න අපි මොකක්‌ද ලෝකය තුළ දකින්නේ? ඒ මිත්‍යාදෘෂ්ඨිකභාවය වැඩිවීම. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව දෘෂ්ඨීන්, මතවාද කරපින්නාගත් බෞද්ධයන්ගේ වැඩිවීම. මේවා කම්පාවිය යුතු දේවල් නොවේ. හේතුඵල ධර්මයන්මය. ධර්මයේ සැබෑ අර්ථයට පිටුපාන සම්බුද්ධ දේශනාවන් වැරදි ආකාරයට අර්ථ දක්‌වන කිසිම ගිහි පැවිදි පිංවතකුට මේ ජීවිතයෙන් පසු ශාසනයේ රැකවරණය උරුමවෙන්නේ නැහැ. මිත්‍යදෘෂ්ඨිකභාවයේ අඳුර රැඳි භව ගින්දරයි උරුම වෙන්නේ. පිංවත් ඔබ ධර්මයේ අර්ථයෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෝකයේ මිත්‍යාදෘෂ්ඨිකභාවය වැඩිවෙනවා. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් යුත් බෞද්ධයන් අඩුවෙනවා. සමහර පිංවතුන් බොහෝම වේදනාවෙන් කථා කරනවා සිංහල බෞද්ධ අම්මලා දරුවන් උපරිම දරුවන් දෙදෙනයි හදන්නේ. මුස්‌ලිම් ද්‍රවිඩ අම්මලා දරුවන් ගොඩක්‌ හදනවා කියලා. මේ හේතුවෙන් බෞද්ධයන් අඩුවීගෙන යනවා කියලා. පිංවත් ඔබ කලබල වෙන්න එපා. මේවා හේතුඵල ධර්මයන්. ඔය සෑම ද්‍රවිඩ, මුස්‌ලිම් අම්මා කෙනෙකුගේම කුසේ උපදින්නේ, මේ උතුම් සද්ධර්මයේ අර්ථයන්ට පිටුපෑ දෘෂ්ඨි, මතවදා නිසා ශාසනය අහිමිකරගත් බෞද්ධයන්මයි. ඉහත කරුණු කාරණා පිංවත් ඔබ ධර්මානුකූලව නොසිතා, දෘෂ්ඨිගතව සිතන්නට ගියොත්, ඒ හේතුවෙන් ද්වේෂය සකස්‌කර ගතහොත් පිංවත් ඔබටද මීළඟ උරුමය එවැනි මව්කුසක්‌ වීමට පුළුවන්."
සම්පූර්ණ ලිපි මාලාව මෙතනින් --> http://bit.ly/19oqRL3

Friday, May 2, 2014

මල් පුජාවේ ආනිශංස...

දෙලොවම දියුණුව ගෙන දෙන කරුණු

නොසංසිඳෙන වෛරය


නොසංසිඳෙන වෛරය

කවුරුන් හෝ කෙනෙක් අඛණ්ඩව ද්වේශයෙන්, කෝපයෙන් කල්පනා කරනවා නම් දැඩි කොටම ඔහුගේ සිතෙහි බැදුණ හොත් නැවත නැවත සිතද්දී එම වෛරය කිසිසේත්ම ඔහුගේ මනසින් පහව යාමක් සිදුවන්නේ නැහැ. එම වෛරයෙහි සන්සිදීමක් සිදුවන්නේ නැහැ. යම් දෙයක්

පිළිබඳව දිගින් දිගටම කල්පනා කිරීම තුළින් තමයි වෛරයක් අප තුළ ගොඩ නැගෙන්නේ. මෙනෙහි කිරීම තුළිනුයි ඔබ සංසාරගත වෛරක්කාරයකු බවට පත් කරන්නේ

වෛරය සන්සිඳුවා ගැනීම දුෂ්කර වන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපගේ මනසට වරින් වර පැන නැඟෙන්නා වූ මනෝභාවයන් පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇතිකර ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතුයි. එම මනෝභාවයන් නිසා අපට සිදුවන හානියත් අපගෙන් සමාජයට සිදුවන හානියත්, අවම කරගැනීමට සහ නැතිකර ගැනීමට අවබෝධයක් තිබිය යුතුයි. ඛුද්ධක නිකායට අයත් ධම්ම පදය තුළ යමක වග්ගයෙහි වෛරය හෙවත් උපදානය පිළිබඳව ඉතාම වටිනා ඉගැන්වීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. යම්කිසි කෙනෙක් බැනීම්, පහරදීම් ,දිනීම් පැහැරගැනීම්, කියන තමන්ට අනෙකාගෙන් සිදුවුණු වැරැදි පිළිබඳව සිත තුළ බැඳගෙන තිබෙනවාද, එනිසාම එම සිත තුළ වෛරය අඛණ්ඩව නොසන්සිඳීම පවතී.

අක්කොච්ජි මං අවධිමං අජිනි මං අහාසි මෙ
යේතං උපනයහන්ති වෙර තෙසං න සම්මති
අක්කොච්ඡි මං අවධීමං අජිනි මං අහාසි මේ
යේතංනං උපනයේන්ති වෙරං තෙසුපසම්මති

ලෝකයෙන් මිදී මේ දිවියේදීම ලෝකෝත්තර වීමට අප සැමට හැකියි.

ධර්මයේ හැසිරීම ම උතුම්ය...

මේ දුකම කියන දහමක්ද...? දුකෙන් මිඳෙන දහමක්ද...?


ධර්මයට අනුව පිංවත් ඔබ නිවැරදිවෙන්න. 
ධර්මය පිංවත් ඔබට නිරතුරුවම කථාකරන්නේ වඩාත් සැපයකට බවට ඔසවා තබන්න. ඒ ශීලය, දානය, ශ්‍රද්ධාව නැමැති සැපයේ උපාදානය ඔස්‌සේ ක්‍රමානුකූලව ඔබව 'පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීම' කියන අවබෝධයට යොමු කිරීම පිණිසයි. සද්ධර්මය කොතැනින් ගත්තත් හේතුඵල ධර්මයන්මයි සකස්‌කර දෙන්නේ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය නැමැති ධර්මතාවයන් ඔබේ ජීවිතය තුළින් අවංකවම ක්‍රියාත්මක කරනකොට එම හේතූන්ගේ ශක්‌තිමත්භාවය විසින්ම පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය ඔබ තුළින් වැඩෙනවා. පිංවත් ඔබ සියල්ලටම පෙර පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය වැඩීමට යන්න එපා. මෙය මාර්ගයක්‌. එහි මුල මැද අග වශයෙන් ක්‍රමාණුකූලව පෙරට යා යුතුයි. ඔබ ඉක්‌මන් වුණොත් ධර්මය කෙරෙහි කලකිරේවී. එසේ නැතහොත් නොයෙක්‌ දෘෂ්ඨී මතවාදවල සිරකරුවෙක්‌ වේවි. ඔබ සැප ලබන්නට කැමැතිනම් මුළින්ම 'සැපය' කියන කාරණය හොඳින් සිහිනුවණින් හඳුනාගන්න. විශේෂයෙන් තරුණ පිංවතුන් පිංවතියන් මොකක්‌ද 'සැපය' කියලා උපාදානය කරගෙන සිටින්නේ. ඔබ ඔය 'සැපය' යෑයි අල්ලාගෙන සිටින්නේ ලෝකයේ සැබෑම සැපය සමග සසඳා බලනකොට ඉතාමත් ප්‍රාථමික සැපයක්‌. ලෝකයේ සත්වයා අත්විඳින සැබෑම සැපය යම්දවසක ඔය ඇස්‌වලින් දැක්‌කොත් ඔබ සිතාවී සැබැවින්ම ඔබ ඇස්‌ ඇති අන්ධයෙක්‌ කියලා. පිංවත් ඔබ උදාහරණයකට මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙන හොඳම රූප සුන්දරිය ගන්නකෝ. රූපවාහීනි කැමරා සිය ගණනකින් ලෝකයාට පෙන්වන ඇයගේ සුරූපී රූපය ගන්නකෝ. පිංවතුනි, දිව්‍ය ලෝකවල ඉන්නේ දෙවියන් දිව්‍යාංගනාවන් විතරක්‌ නෙමෙයි. දිව්‍ය තිරිසන් සතුනුත් ඉන්නවා. දිව්‍යලෝකයේ උපත ලද දිව්‍ය අජානීය අශ්වයන් සිටිනවා. භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දිව්‍ය තලයක දිව්‍ය අජානීය අශ්ව විමානයක්‌ දර්ශනය වෙනවා. දිව්‍ය අජානීය අශ්වයන් හතරදෙනෙක්‌ එහි සිටියා. එම දිව්‍ය අශ්වයකුගේ උස අඩි 7ක්‌ පමණ ඇති. දිව්‍ය අශ්වයාගේ වර්ණය තනිකරම මනුෂ්‍ය ලෝකයේ සිටින මොනරකුගේ වෛවර්ණ පැහැයට සමානයි. කොළ, නිල් පැහැයන්ගෙන් අලංකෘතයි. ඔබ සිතන්න, මොනර පිල් කළඹ විසිපහක්‌ පමණ එකතු කරලා මිටියක්‌ බැන්දා කියලා. අන්න ඒ ප්‍රමාණයේ, හැඩයේ වල්ගයක්‌ දිව්‍ය අශ්වයාට තිබෙනවා. එම වලිගය මුලින් පිට උඩ අතට නෙරලා තමයි පහළට වැටෙන ස්‌වභාවයෙන් තිබෙන්නේ. එය බොහොම ගාම්භීර පෞරුෂයක්‌ තිබෙන වල්ග පිහිටීමක්‌. එම දිව්‍ය අශ්වයාගේ පිට උඩ කොඳු නාරටිය දිගටම අඩියක්‌ පමණ දිග රෝම මොනර පිල් පැහැයට පහතට වැටී තිබෙනවා. මෙම අශ්වයින් ආයුෂ, වර්ණ, සැප බලයෙන් අනූන දිව්‍ය අශ්වයන්. පිංවතුනේ භික්‍ෂුව සමග විරසක වෙන්න එපා¾ පිංවත් ඔබට ධර්ම මාර්ගයේ සැබෑ සැපය ගැන කියන්නයි මෙය සටහන් කරන්නේ. පිංවත් ඔබ සැපැයි කියා අල්ලාගන්නා රූප සුන්දරියගේ රූපශ්‍රීයට වඩා අසිරිමත් සුන්දරත්වයක්‌. ඒ දිව්‍ය අජානීය අශ්වයා තුළත් තිබේ නම්.....

කයනුපස්සනාවේ යෙදෙන්න...